ශ්‍රී ලංකා - පාකිස්තාන තරගය අත්හැර දැමෙයි


ලෝක කුසලාන තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. කාසියේ වාසිය හෝ උරගා බැලීමට අවස්ථාව නොලැබුණි.

මෙම තරගය බ්‍රිස්ටල්හි පැවැත්වීමට නියමිතව තිබුණි. තරගය අත්හැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවටත්, සිවුවැනි ස්ථානය පාකිස්තානයටත් හිමිව තිබේ.

 



Recommended Articles